අපේක්ෂකයාට වෙඩි තියපු අය කොටු වෙයි

Sri Lanka Police SJB Law and Order Gun Shooting Sinhala news
By Kaushi May 22, 2025 03:06 AM GMT
Kaushi

Kaushi

Report

පැවති පළාත් පාලන මැතිවරණය සඳහා කළුතර මහ නගර සභාවට ඉදිරිපත්ව සිටි අපේක්ෂකයෙකුට පසුගිය දා කළුතර ප්‍රදේශයේදී සිදු කළ වෙඩි තැබීමේ සිද්ධියට අඳාළව සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ අනුව මෙම වෙඩි තැබීම සමගි ජන බලවේගයෙන් ඉදිරිපත්ව සිටි බන්දුල ප්‍රසන්න මහතාට ඉකුත් 04 වන දින පස්වරුවේ සිදු කර තිබුණා.

''මගේ ස්ත්‍රී ලිංගය බ්ලෙඩයකින් කැපුවා...'' ඇඟ හිරිවට්ටපු රූ රැජිණ... කටුක ජීවිතය හෙළි කරයි

''මගේ ස්ත්‍රී ලිංගය බ්ලෙඩයකින් කැපුවා...'' ඇඟ හිරිවට්ටපු රූ රැජිණ... කටුක ජීවිතය හෙළි කරයි

කළුතර අපරාධ කොට්ඨාසය මඟින් සැකකරුවන් තිදෙනා සමඟ වෙඩි තැබීමට පැමිණි යතුරුපැදිය සහ වෙඩි තැබීම සිදුකළ ගිනි අවිය ද මේ වන විට සොයා ගෙන ඇත.

ඒ අනුව වෙඩි තැබීම පිළිබඳව කළ විමර්ශනවලට අනුව එක් සැකකරුවෙකු පළමුවෙන් අත්අඩංගුවට ගත් බව වාර්තා විය.

ඔහුගෙන් සිදුකළ ප්‍රශ්න කිරීම් මත අනෙක් සැකකරුවන් දෙදෙනා සහ වෙඩිතැබීම සිදුකළ ගිනිඅවිය ද සොයා ගත් බව සඳහන්.

තවද සැකකරුවන් තිදෙනාගෙන්ම වැඩිදුරටත් ප්‍රශ්න කිරීමෙන් පයාගල ප්‍රදේශයේ ස්ථාන කිහිපයක සඟවා තිබු තවත් යතුරුපැදි 6ක් සොයාගෙන තිබෙනවා.

ඒ අනුව අඳාළ සැකකරුවන් විසින් ප්‍රදේශ කිහිපයකින් මෙලෙස යතුරු පැදි සොරකම් කර ඇති බවට තොරතුරු හෙළි විය.

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

බදුල්ලෙ අයියා මලෝ ගැටුමේ වීරයන් ගැන පොලිසිය කිව්ව කතාව

කළුතර ප්‍රදේශයේ ක්‍රියාත්මක ප්‍රබල සංවිධානාත්මක අපරාධ කල්හි සාමාජිකයකු වන බෝම්බුවල නවීන් නමැත්තාට ඔවුන් විසින් අපරාධ සඳහා මෙම යතුරුපැදි ලබා දී ඇති බවට ද තොරතුරු ලැබී තිබෙනවා.

එසේම කළුතර මහෙස්ත්‍රාත් අධිකරණය වෙත අත්අඩංගුවට ගත් සැකකරුවන් තිදෙනා ඉදිරිපත් කිරීමට නියමිතයි. 

ReeCha