ලක්ෂ 5ක අල්ලසක් - OIC අත්අඩංගුවට
වවුනියාව පුවරසම්කුලම් පොලිස් ස්ථානයේ ස්ථානාධිපතිවරයා රුපියල් ලක්ෂ 5ක අල්ලසක් ලබාගැනීමේ චෝදනාව මත අල්ලස් හෝ දූෂණ විමර්ශන කොමිසම විසින් අත්අඩංගුවට ගෙන ඇත.
ඉඩම් ආරවුලකදී එක් පාර්ශවයකට හිතකර තීන්දුවක් ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගැනීමට උත්සාහ කළ අවස්ථාවේදී කොමිසමේ නිලධාරීන් විසින් ඔහුව අත්අඩංගුවට ගනු ලැබීය.
සැකකරු අද (22) වවුනියාව මහෙස්ත්‍රාත් අධිකරණය හමුවට ඉදිරිපත් කිරීමට නියමිතය.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් වැඩිදුර පරීක්ෂණ පවත්වනු ලබයි.