තවදුරටත් ලිහිල් වෙන පොලිය
එක්දින පොලී අනුපාතය 7.75% දක්වා අඩු කිරීමට ශ‍්‍රී ලංකා මහ බැංකුව ප්‍රතිපත්ති තීරණය කර ඇති බව වාර්තා වේ.
එමඟින් මුදල් ප්‍රතිපත්තිය තවදුරටත් ලිහිල් කර තිබෙනවා.
ශ්රී ලංකා මහ බැංකුව වාර්තා කරන්නේ දේශීය හා ගෝලීය වශයෙන් සිදුවන වර්ධනයන් සලකා බැලීමෙන් පසුව මෙම පියවර ගැනීමට මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය කටයුතු කළ බවයි.
එසේම ගෝලීය අවිනිශ්චිතතාවයන් සහ වත්මන් අඩු උද්ධමන පීඩන මධ්‍යයේ මුදල් ප්‍රතිපත්ති ස්ථාවරයේ මෙම ලිහිල් කිරීම උද්ධමනය 5% ඉලක්කය කරා මෙහෙයවීමට සහාය වනු ඇති බවට ද එම මණ්ඩලය අදහස් කරයි.
මේ පිළිබඳ තීරණය ශ්‍රී ලංකා මහ බැංකුවේ මුදල් ප්‍රතිපත්ති මණ්ඩලය ඊයේ (21) දිනයේ පැවති රැස්වීමේ ගෙන තිබෙන බව සඳහන්.