ආය දොඹෙන් යන්න ද දෙන්න හදන්නේ?. වෙනස් වුණ කාලගුණය මෙන්න..
අද (21) දින නැගෙනහිර, උතුරු-මැද සහ ඌව පළාත්වලත් මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකිය.
ඒ බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සදහන් කළේ ය.
එමෙන්ම, උතුරු පළාතේ වැසි ස්වල්පයක් ඇති විය හැකි අතර සෙසු ප්‍රදේශවල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකිය.
එමෙන්ම, විටින් විට හමන පැ.කි.මී. 30-40ක පමණ තරමක තද සුළං මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම්වල සහ උතුරු, උතුරු-මැද, නැගෙනහිර සහ වයඹ පළාත්වලත් හම්බන්තොට සහ මොනරාගල දිස්ත්‍රික්කවලත් ඇතිවිය හැකිය.
තවද, බස්නාහිර, සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකි වේ.
කෙසේ වෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.
You May Like This Video👇