ඉදිරි පැය 24 ගැන අවධානයෙන් ඉන්නැයි දැනුම්දීමක්..විශේෂයෙන් මේ ප්‍රදේශ වලටයි..

Western Province Sabaragamuwa Province TN Weather Weather
By Aruna Jan 13, 2025 01:28 AM GMT
Aruna

Aruna

Report

නැගෙනහිර සහ ඌව පළාත්වලත්පොළොන්නරුව,මාතලේ, නුවරඑළිය සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

ඌව පළාතේත් මාතලේ, නුවරඑළිය, අම්පාර සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත්ඇතැම් ස්ථාන වලට මි.මි. 50 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව අදාල නිවේදනයේ සඳහන්වේ.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..මුලු සතියෙම පලාඵලත් මෙතනින් දැනගන්න.

අද ලග්ග 06කට ඉතාමත් යහපත්..ලග්න 04ක අය දැඩි කල්පනාකාරීව හැසිරෙන්න..මුලු සතියෙම පලාඵලත් මෙතනින් දැනගන්න.


උතුරු පළාතේත් අනුරාධපුරදිස්ත්‍රික්කයේත්වැසි වාර කිහිපයක් ඇතිවේ.

සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

උතුරු, නැගෙනහිර, උතුරු-මැද සහ වයඹ පළාත්වලත්මාතර, මොණරාගල සහහම්බන්තොට දිස්ත්‍රික්කවලත්විටින් විට හමන පැ.කි.මී. (30-40) ක පමණ තරමක තද සුළං ඇතිවිය හැක.

2025 නව වසරේ පළමු පෝය දිනය අදයි..දුරුතු පොහොයේ වැදගත්කම මෙන්න.

2025 නව වසරේ පළමු පෝය දිනය අදයි..දුරුතු පොහොයේ වැදගත්කම මෙන්න.


බස්නාහිර, සබරගමුවසහ මධ්‍යමපළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවල උදෑසන කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැක.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

You May Like This Video


ReeCha