පාර්ලිමේන්තු කෑම මිලේ ආයෙත් වෙනසක්

Report

පාර්ලිමේන්තු ගෘහ කාරක සභාව මඟින් පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ඉල්ලීම මත කාර්ය මණ්ඩලය වෙනුවෙන් අය කරන ආහාර මිල ගණන් නැවත ස‍ංශෝධනය කිරීමට තීරණය කර ඇති බව වාර්තා වේ.

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

සියලුම රාජ්‍ය සේවකයන්ට මෙන්න විශේෂ නිවේදනයක්

ඉකුත් සිකුරාදා දින පාර්ලිමේන්තුවේදී කථානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්නගේ ප්‍රධානත්වයෙන් එම කාරක සභාව රැස්වූ අවස්ථාවේදී මෙම තීරණය ගෙන ඇති බව වාර්තා විය.

ඒ අනුව පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලයේ ආහාර වෙනුවෙන් වන මිල ගණන් ඉකුත් පළමුවනදා සිට ක්‍රියාත්මක වන ආකාරයට විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ට මාසිකව රුපියල් 4,000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ට මාසිකව රුපියල් 2,500ක් වන ලෙස මුදල් අයකිරීමට තීරණය කර තිබූ බව සඳහන්.

ශිරන්තිගේ සිරිලියත් මාට්ටු, ශේෂය විතරක් මිලියන 44 ක්

ශිරන්තිගේ සිරිලියත් මාට්ටු, ශේෂය විතරක් මිලියන 44 ක්

එහිදී අඳාළ මිල ගණන් නැවත සංශෝධනය කරන ලෙස පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය විසින් කරන ලද ඉල්ලීම් සලකා බලා ඇත.

ඒ අනුව විධායක ශ්‍රේණියේ නිලධාරියෙක්ට මාසිකව රුපියල් 3000ක් සහ විධායක නොවන කාර්ය මණ්ඩල සාමාජිකයෙක්ට මාසිකව රුපියල් 2000ක් වන ලෙස අය කිරීමට තීරණය කර ඇති බව සඳහන්.

තීරණය කළ මිල ගණන් එළඹෙන මාසයේ 01 වන දින පටන් ක්‍රියාත්මක වන බව ද පවසයි.

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

ආසයි බයයි කියලා ටැටූ ගැහුවා වගේ නෙවෙයි, මේවා ගැන දැනුවත්ද?

එමෙන්ම කාරක සභාව තීරණය කර ඇත්තේ පාර්ලිමේන්තු මහජන භෝජනාගාරයෙන් ආහාර මිලදී ගනු ලබන මන්ත්‍රීවරයන්ගේ රියදුරන්, පොලිස් නිලධාරීන්, ජනාධිපති අග්‍රාමාත්‍ය ආරක්ෂක අංශවල නිලධාරීන්ගේ සහ මාධ්‍යවේදීන්ගෙන් මේ වන විට අය කරනු ලබන ආහාර සඳහා වන ගාස්තු තවදුරටත් නොවෙනස්ව පැවතිය යුතු බවයි.

ඒ ඉකුත් 23 වන දින එම කාරක සභාව තීරණය කළ ආකාරයටයි. 

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි

දුඹුරු සීනි කන අය බලාගෙන - මිලත් වැඩි, සෞඛ්‍යයත් බිලි