සූර්ය පැනල ගාස්තු වැඩි කරයි
විකල්ප බලශක්ති ප්‍රභවයක් වන සූර්ය පැනල භාවිතයෙන් ලංකාවේ බොහෝ නිවෙස් වලට විදුලිය ලබාගෙන තිබේ.පසුගිය කාලසීමාවේදී සූර්ය පැනල සම්බන්ධයෙන් යම් යම් ගැටලු මතු අතර වර්තමානය වන විට බැටරියක් සහිත වහලය මත සවිකරන ලද සූර්ය පැනල සම්බන්ධයෙන් වෙනස්වීමක් සිදුවී තිබේ.
ඒ අනුව බැටරියක් සහිත වහල මත සවිකරන සූර්ය පැනල පද්ධති සඳහා ගෙවීම වැඩි කර තිබේ. එය ඒකකයකට රු.45.80 දක්වා වැඩි කර තිබෙන බවට වාර්තා වේ. ලංකා විදුලිබල මණ්ඩලය විසින් මෙම මිල සංශෝධනය කළ බව එම මණ්ඩලය සඳහන් කරයි.