අද සවස 1.00න් පසුව එළියට යන අයට දැනුම්දීමක්..මේ ගැන සූදානමින් යන්න..

Report

අද (08) දිනයේ උතුරු සහ උතුරු-මැද පළාත්වලත් පුත්තලම සහ ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් පවසනවා.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම නිවේදනයේ දැක්වෙන්නේ, දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස 1:00න් පමණ පසු තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි.

මේ අනුව, බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවල උදැසන කාලයේදීත් වැසි ඇති වන බව අදාල නිවේදනයේ සඳහන් වේ.

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කරන්න යන දේ..

රාජ්‍ය සේවකයන්ගේ වැටුප් වැඩිවීම සම්බන්ධයෙන් කරන්න යන දේ..


මධ්‍යම, සබරගමුව සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවලට මි.මී. 75 ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකිය.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලීමක් කර සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මගින් සිදුවන අනතුරු අවම කරගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.