අද පොහොය දවසෙ කාලගුණය කොහොමද කියල දැනගෙනම එළියට යන්න..

Report

උතුරු පළාතේ විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..

ශාසන ඉතිහාසයේ වැදගත් සිදුවීම් රැසක් සිදුවූ වප් පුර පසලොස්වක් පොහොය දිනය අදයි..


බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකි බවයි කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව දැනුම්දී ඇත්තේ.

මේ අනුව, ඌව පළාතේත් අම්පාර සහ මඩකලපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී ස්ථාන ස්වල්පයක වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද දන්වා තිබේ.

කාලගුණවිද්‍යා දෙපාර්මේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.