අද සිට දිවයින පුරා කාලගුණයේ වෙනසක්.. විශේෂ දැනුම්දීමක්.

Report

දිවයිනේ නිරිත දිග කොටසේ පවතින තද වැසි තත්ත්වය ක්‍රමයෙන් අඩුවනු ඇතැයි බලාපොරොත්තුවන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනයක් නිකුත් කරමින් දැනුම්දී තිබෙනවා.

එමෙන්ම උතුරු පළාතේ අද (16) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවන අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි බවයි දන්වා ඇත්තේ.

මේ අනුව, බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව ද සඳහන්.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.

හිටපු ජනපති රනිල් ගෙන් විශේෂ ප්‍රකාශයක්..අනුර ජනපති වීමෙන් පසුව කරන පළමු ප්‍රකාශය.


එසේම දිවයිනේ සෙසු ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවයි එම නිවේදනයේ සඳහන් වන්නේ.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටිනු ලබන්නේ, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.