අදත් ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.
Sri Lanka
Weather
By krishani
අද(25) සබරගමුව, මධ්‍යම, උතුරු-මැද, ඌව සහ වයඹ පළාත්වලත් ත්‍රිකුණාමලය සහ මුලතිව් සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එම ප්‍රදේශවල ඇතැම් ස්ථාන වලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි ය.
එමෙන්ම, සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වන බවත්, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වල උදෑසන කාලයේ දී ද වැසි ඇති වන බවත් එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.
මේ අතර, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් එම දෙපාර්තමේන්තුව ඉල්ලා සිටියි.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... |