අද දවසේ කාලගුණ වාර්තාව - කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුවෙන් ඉල්ලීමක්.

Sri Lanka Weather
By krishani Apr 24, 2023 01:12 AM GMT
krishani

krishani

Report

අද (24) උතුරු, උතුරු-මැද, නැගෙනහිර, ඌව, මධ්‍යම, සබරගමුව සහ වයඹ පළාත්වල සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කළේ ය.

ඇතැම් ස්ථානවලට මි. මී. 50ට වැඩි තරමක තද වැසි ද ඇතිවිය හැකි අතර සෙසු පළාත්වල ස්ථාන ස්වල්පයක සවස් කාලයේ දී හෝ රාත්‍රී කාලයේ දී වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

මේ අතර, බස්නාහිර පළාතේ සහ ගාල්ල, මාතර, යාපනය සහ මන්නාරම දිස්ත්‍රික්කවල උදෑසන කාලයේ දී ද වැසි ඇති විය හැකි ය.

කෙසේවෙතත්, ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළංවලින් සහ අකුණු මඟින් සිදුවන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න...

Join