බෙංගාල බොක්ක යලිත් කැලඹෙයි - කාලගුණයෙන් හදිසියේම අවවාදාත්මක නිවේදනයක්..!

Climate Change TN Weather West Bengal Weather Latest Headlines
By Sewvandhi Dec 07, 2024 11:03 AM GMT
Sewvandhi

Sewvandhi

Report

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද වැසි, තද සුළං සහ මුහුද රළුවීම පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත්කර තිබේ. අද (07) පස්වරු 2ට නිකුත් කරන ලද එම නිවේදනය හෙට (08) පස්වරු 2ක දක්වා වලංගු වෙයි.

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, ගිනිකොනදිග බෙංගාල බොක්ක ගැඹුරු මුහුදු ප්‍රදේශයේ යාත්‍රා කරන බහුදින ධීවර යාත්‍රා සහ නාවික ප්‍රජාව මේ පිළිබඳව සැළකිලිමත් වන ලෙසයි.

ගිනිකොනදිග බෙංගාල බොක්ක මුහුදු ප්‍රදේශයේ අද (07) පෙරවරු 08.30ට පමණ අඩු පීඩන කලාපයක් නිර්මාණය වී ඇත.

කාරණය ඉටු වෙයිද? නැද්ද?..පොලුත් හිඟ මේ කාලේ, නිවැරදිම ක්‍රමේට පොල් ගැසීමෙන් සිදුවන ප්‍රතිඵල දැනගනිමු..

කාරණය ඉටු වෙයිද? නැද්ද?..පොලුත් හිඟ මේ කාලේ, නිවැරදිම ක්‍රමේට පොල් ගැසීමෙන් සිදුවන ප්‍රතිඵල දැනගනිමු..

එය ඉදිරි පැය 24දී බටහිර-වයඹ දෙසට ගමන් කරමින් තව දුරටත් වර්ධනය වීමට ඉඩ තිබේ. කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ, එය දෙසැම්බර් 11 වනදා පමණ වනවිට ශ්‍රී ලංකාව සහ තමිල්නාඩු වෙරළට ඔබ්බෙන් නිරිතදිග බෙංගාල බොක්ක වෙත ළඟාවීමට බොහෝ දුරට ඉඩ ඇති බවයි.

ඒ හේතුවෙන් එම මුහුදු ප්‍රදේශවල තාවකාලිකව ඉතා තද සුළං (පැ.කි.මී. 60) සමග තද වැසි පැවතිය හැකි අතර එම මුහුදු ප්‍රදේශ ඉතා රළු විය හැකි බවද දැනුම්දෙයි.

'මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ' - රත්න සහල් අධිපති වෙළඳ ඇමතිට දුන් අමුතුම පිළිතුර..

'මං ගාව සේවකයෝ 1000ක් වැඩ කරනවා හාල් මෝලේ' - රත්න සහල් අධිපති වෙළඳ ඇමතිට දුන් අමුතුම පිළිතුර..

……………………………………………………………………

You may like this video 👇



ReeCha