ශ්‍රී ලංකාවට අවසන් පුර්ව තරගයට යන්න පුලුවන් ක්‍රමය – සම්පූර්ණ විස්තරය

cricket Sri Lanka West Indies semi final
By Sewvandhi Nov 01, 2021 12:43 AM GMT
Sewvandhi

Sewvandhi

Report

ශ්‍රී ලංකා කණ්ඩායම සුපිරි 12 ගේ වටයේ මුහුණදෙන මිළග තරඟය නොවැම්බර් 1 වැනිදා එංගලන්තයට එරෙහිව සාජාහිදීද සහ නොවැම්බර් 4 වැනිදා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමඟ අබුඩාබිහීදීද තරග වදිනු ඇත. ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට මෙම තරඟ දෙකම ජයග්‍රහණය කිරිම අනිවාර්ය වේ.

ශ්‍රී ලංකාවට ලකුණු ලබා ගැනීමේ දළ වේගය නොමැතිව අවසන් පුර්ව වටයට යෑමට හැකියාව පවතිනවා. එහීදි ශ්‍රී ලංකා කණ්ඩායම එංගලන්ත හා කොදෙව් තරග දෙකම ජයග්‍රහණය කළ යුතු වනවා. එමෙන්ම සෙසු තරඟ වල ප්‍රතිඵල ද පහත අයුරින් සිදු විය යුතුයි. එංගලන්තය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජය කළ යුතු වනවා.

ඕස්ට්‍රේලියාව බංග්ලාදේශය හා බටහිර ඉන්දීය කොදෙව් තරග දෙකම පරාජයට පත් විය යුතුයි. බංග්ලාදේශය අනිවාර්යයෙන්ම දකුණු අප්‍රිකාව පරාජයට පත් කළ යුතුයි. මෙම ආකාරයට දෙවන වටය නිමාවුවහොත් ශ්‍රී ලංකා කණ්ඩායමට අවසන් පුර්ව වටයට දළ ලකුණු ලබා ගැනීමේ වේගය ( NRR ) නොමැතිව

සුදුසුකම් ලබා ගැනීමට හැකියාව පවතිනවා. එංගලන්ත සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් සමඟින් පැවැත්වෙන මෙම තරඟ ජයග්‍රහණය කිරිමට ශ්‍රී ලංකා කණ්ඩායම ගොඩක් වැදගත් වෙනවා ලෝක කුසලානයේ අවසන් පූර්ව වටයට පිවිසීමට එම නිසා මෙම තරග ජයග්‍රහණය කිරිමට අවශ්‍ය වේ. ක්‍රිකට් ප්‍රෙක්ෂකයන් වශයෙන් අපේ කණ්ඩායම ජයග්‍රහණයේ දී මෙන්න පරාජයේ දීද කණ්ඩායම අවශ්‍ය සහයෝගය ලබාදිය යුතුයි, හෙට පැවැත්වෙන තරඟය ජයග්‍රහණය කිරිමට හැකිවේවායැයි අපි ප්‍රර්ථනා කරමු.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now

  

ReeCha