ට්‍රැෆික් නිලධාරියා ව හැප්පූ මෝටර් රථයේ CCTV (VIDEO)
accident
CCTV
police
wattala
traffic officer
By Sewvandhi
අද (22) උදෑසන වත්තල හන්දියේ දී රාජකාරියේ නිරතව සිටි රථ වාහන අංශයේ පොලිස් නිලධාරීයෙක් අනතුරට පත්ව තිබේ. CCTV කැමරාවක අදාළ පොලිස් නිලධාරියා අනතුරට පත්වන අයුරු සනිටුහන්ව තිබුණි.
පොලිස් නිලධාරියා සිටි ස්ථානයට ඉදිරියෙන් පැමිණි මෝටර් රථයක් එක්වරම ඔහුගේ ඇඟේ හැපී ඉදිරියට ධාවනය වෙන ආකාරය එහි දැක්වේ.
අනතුරින් පසු බිම ඇඳ වැටෙන පොලිස් නිලධාරීයා සෙසු නිලධාරීන්ගේ සහ ජනතාවගේ සහයෝගයෙන් රෝහල්ගත කෙරිණි.
අනතුර සිදුකළ රියදුරු හා මෝටර් රථය මේ වන විට වත්තල පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ. අනතුරින් අදාළ නිලධාරියාට සුළු තුවාල සිදුව ඇතැයි පොලීසිය පවසයි.
You may like this video
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |