පිටකොටුව බස් නැවතුම්පොළේ ගුවන් හමුදා CCTV මෙහෙයුම් මැදිරියක් – මගී ආරක්ෂාවට පැය 24 පුරාම නිරීක්ෂණ

Report

පිටකොටුව බස් නැවතුම්පොළ භාවිත කරන මහජනතාවගේ සහ මගීන්ගේ ආරක්ෂාව මෙන්ම සුරක්ෂිතතාව තහවුරු කිරීමේ අරමුණින්, එහි 'ගුවන් හමුදා CCTV නිරීක්ෂණ නව මෙහෙයුම් මැදිරියක්' ස්ථාපිත කිරීමට ශ්‍රී ලංකා ගුවන් හමුදාව පියවර ගෙන තිබේ.

'Clean Sri Lanka' ව්‍යාපෘතිය යටතේ සම්පූර්ණයෙන්ම නවීකරණය කරන ලද පිටකොටුව බස් නැවතුම්පොළේ ස්ථාපිත කර ඇති මෙම නව මෙහෙයුම් මැදිරිය හරහා පැය 24 පුරාම සක්‍රීය CCTV කැමරා පද්ධතියක් ඔස්සේ මුළු පරිශ්‍රයම දැඩි නිරීක්ෂණයට ලක්කෙරේ.

එල්නිනෝ නිසා ලංකාවට යළිත් විදුලි කප්පාදු අවදානමක්? මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි අනතුරු ඇඟවීමක්

එල්නිනෝ නිසා ලංකාවට යළිත් විදුලි කප්පාදු අවදානමක්? මහජන උපයෝගීතා කොමිසමෙන් හදිසි අනතුරු ඇඟවීමක්

මෙම නවීන පද්ධතියේ කාර්යක්ෂමතාව තහවුරු කරමින්, ඊයේ (23) දින බස් නැවතුම්පොළේදී මගියෙකුගේ බෑගයක් සොරකම් කළ සැකකරුවෙකු CCTV කැමරා ඔස්සේ ක්ෂණිකව හඳුනාගෙන අත්අඩංගුවට ගැනීමට රාජකාරියේ නිරත ගුවන් හමුදා සාමාජිකයින් සමත් වූ අතර, පසුව අදාළ සැකකරු වැඩිදුර නීතිමය පියවර සඳහා ශ්‍රී ලංකා පොලීසිය වෙත භාර දෙන ලදී.

මගීන්ගේ බඩුබාහිරාදිය සොරකම් කිරීම් හඳුනා ගැනීමට අමතරව, යම් මගියෙකු හදිසි අසනීප තත්ත්වයකට පත්වීම, අනතුරකට ලක්වීම හෝ වෙනත් යම් හදිසි ආපදා අවස්ථාවක් ඇතිවීම වැනි තත්ත්වයන්හිදී ක්ෂණිකව ප්‍රතිචාර දක්වා සහන සැලසීමට ද මෙම මෙහෙයුම් මැදිරියට හැකියාව පවතී.

කොළඹ කොටුව සංචාරක කලාපයක් වෙයිද? - ලෝක බැංකුව සමඟ විශේෂ සාකච්ඡාවක්

කොළඹ කොටුව සංචාරක කලාපයක් වෙයිද? - ලෝක බැංකුව සමඟ විශේෂ සාකච්ඡාවක්

මහජනතාව සඳහා වඩාත් සුරක්ෂිත සහ විශ්වාසනීය පොදු ප්‍රවාහන පරිසරයක් නිර්මාණය කිරීමේ අරමුණින් ක්‍රියාත්මක මෙම වැඩපිළිවෙළ, පොදු ස්ථානවල ආරක්ෂාව තහවුරු කිරීම සඳහා තැබූ වැදගත් පියවරකි.