කොළඹ කොටුව සංචාරක කලාපයක් කිරීමට සැරසෙයි
ලෝක බැංකු ණය සහ ආධාර යටතේ ක්‍රියාත්මක කිරීමට නියමිත කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ ව්‍යාපෘතිය ඇතුළු මෙරට සංචාරක කර්මාන්තයේ ප්‍රවර්ධනය පිළිබඳ විශේෂ සාකච්ඡාවක් අද (24) පෙරවරුවේ ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවැත්වී තිබේ.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරු Gevorg Sargsyan මහතා ඇතුළු නියෝජිත කණ්ඩායම සහ ජනාධිපති කාර්යමණ්ඩල ප්‍රධානී ප්‍රභාත් චන්ද්‍රකීර්ති මහතා අතර මෙම සාකච්ඡාව පැවැත්විණි.
ජනාධිපති අනුර කුමාර දිසානායක මහතාගේ ප්‍රධානත්වයෙන් මීට පෙර පැවති සාකච්ඡාවකදී මතු වූ කරුණු පිළිබඳව මෙහිදී පුළුල් ලෙස අවධානය යොමු කර ඇති බව ජනාධිපති මාධ්‍ය අංශය සඳහන් කරයි.
කොළඹ කොටුවේ ඓතිහාසික උරුමය ආරක්ෂා කර ගනිමින් එම ප්‍රදේශය සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමේ වැඩසටහන සම්බන්ධයෙන්ද සාකච්ඡාවේදී විශේෂ අවධානය යොමු වී තිබේ.
එමෙන්ම ශ්‍රී ලංකාවේ සංචාරක කර්මාන්තය ප්‍රවර්ධනය කිරීම සඳහා අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සූදානම් බව එහි නියෝජිතයන් පවසා ඇත.
කෘෂි ව්‍යාපාර, වරාය හා සැපයුම් සේවා මෙන්ම බලශක්ති ක්ෂේත්‍රවල අපේක්ෂිත ඉලක්ක සපුරා ගැනීම සඳහාද අවශ්‍ය සහාය ලබාදීමට ලෝක බැංකුව සූදානම් බව එහිදී වැඩිදුරටත් ප්‍රකාශ කර තිබේ.
කොළඹ කොටුව සංචාරක කලාපයක් ලෙස සංවර්ධනය කිරීමට අමතරව, ස්වභාවික සෞන්දර්යය පදනම් කරගත් සංචාරක ව්‍යාපාරය ප්‍රවර්ධනය කිරීම සහ උතුරු හා නැගෙනහිර පළාත්වල සංචාරක කර්මාන්තය දියුණු කිරීම සඳහා ලබාදිය හැකි දායකත්වය පිළිබඳවද සාකච්ඡාවේදී අවධානය යොමු වී ඇත.
ශ්‍රී ලංකාව සහ මාලදිවයින සඳහා වන ලෝක බැංකු කළමනාකරණ ඒකකයේ ජ්‍යෙෂ්ඨ මෙහෙයුම් නිලධාරී Stephan Massing මහතා සහ ලෝක බැංකු නියෝජිත කණ්ඩායමේ ප්‍රධාන මෙහෙයුම් නිලධාරී අසේල දිසානායක මහතා ඇතුළු පිරිසක්ද මෙම සාකච්ඡාවට එක්ව සිටියහ.