දෙරටේම සෞභාග්‍යයට කැපවෙන බවට ඇමෙරිකානු අලුත් තානාපතිගෙන් ප්‍රතිඥාවක්
මෙරට එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සිය ධුරයේ කටයුතු ආරම්භ කිරීම සඳහා එක්සත් ජනපද තානාපති ලෙස නම්කර ඇති එරික් මයර් (Eric Meyer) මහතා දිවයිනට පැමිණ තිබේ ඒ අගෝස්තු 22වනිදාය.
ශ්‍රී ලංකාවේ 29 වැනි එක්සත් ජනපද තානාපතිවරයා ලෙස සේවය කිරීමට ලැබීම පිළිබඳව සිය උද්‍යෝගය පළ කරමින් සදහන් කර ඇත්තේ මෙවන් අදහසක්
''ශ්‍රී ලංකාව තුළ එක්සත් ජනපදය නියෝජනය කිරීමට ලැබීම මට මහත් ගෞරවයකි.අප දෙරටේ ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යයන් අතර පවතින ශක්තිමත් පදනම තවදුරටත් ගොඩනඟමින්, අමෙරිකානු ව්‍යාපාර සඳහා නව අවස්ථා නිර්මාණය කරන, අපගේ පොදු ආරක්ෂක අවශ්‍යතා තවදුරටත් ඉදිරියට ගෙන යන සහ අමෙරිකානුවන්ට මෙන්ම ශ්‍රී ලාංකිකයන්ට ද වඩාත් ඉහළ සෞභාග්‍යයක් උදා කරන එක්සත් ජනපද - ශ්‍රී ලංකා හවුල්කාරිත්වයක් ඉදිරියට ගෙන යාමට මම බලාපොරොත්තු වෙමි.'' මෙම ධුරයට පත්වීමට පෙර ඔහු නෝවේහි අමෙරිකානු දූත මණ්ඩලයේ තාවකාලික නිලධාරී ලෙස මෙන්ම අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ දකුණු හා මධ්‍යම ආසියානු කටයුතු පිළිබඳ ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු ලෙසද සේවය කර තිබේ. ''