ජලය යැයි සිතා රසායනික ද්‍රව්‍යයක් පානය කෙරූ කුඩා දැරියක් මරුට

Report

ගම්පොළ, පුපුරැස්ස, ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි ඥාති නිවසකට පැමිණ සිටි තුන් හැවිරිදි දැරියක්, ජලය යැයි සිතා එළකිරි කල්තබා ගැනීමට යොදාගන්නා රසායනික ද්‍රව්‍යයක් පානය කිරීමෙන් මියගොස් තිබේ.

මෙසේ අවාසනාවන්ත ලෙස මියගොස් ඇත්තේ වවුනියාව, සෙට්ටිකුලම් ප්‍රදේශයේ පදිංචිව සිටි දිනේස්කාරම් හයනිකා නමැති දැරියයි.

2027 වසරේ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග දින එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

2027 වසරේ O/L, A/L සහ ශිෂ්‍යත්ව විභාග දින එළියට- විභාග දෙපාර්තමේන්තුවෙන් හදිසි නිවේදනයක්

මියගිය දැරියගේ මව්පියන් ඇතුළු පිරිස ඩෙල්ටාවත්ත ප්‍රදේශයේ පිහිටි අදාළ ඥාති නිවසට පැමිණ ඇති අතර, ඊයේ දහවල් කාලයේ දියනා සවස නිවසේ එළිමහනේ විනෝද වෙමින් සිටින අතරතුර මෙම දැරිය නිවස තුළට ගොස් ජනේලය මත තබා තිබූ අදාළ දියරය පානය කර ඇති බව හෙළිවී ඇත.

අනතුරුව අසනීප වූ දැරිය වහාම ගම්පොළ රෝහලට ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, ඇය සුවපත් කිරීමට නොහැකි වී තිබේ.

ජනාධිපති අරමුදල හරහා මේ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක්

ජනාධිපති අරමුදල හරහා මේ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක්

සිද්ධිය සම්බන්ධයෙන් ගම්පොළ රෝහලේදී පැවැත්වූ මරණ පරීක්ෂණයේදී මෙම තොරතුරු අනාවරණය වී ඇති අතර, සිද්ධිය සම්බන්ධයෙන් පොලීසිය වැඩිදුර විමර්ශන පවත්වයි.