ජනාධිපති අරමුදල හරහා මේ සිසුන්ට ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහනක්

Report

ජනාධිපති අරමුදල මගින් ලොතරැයි අලෙවි සහායකයින්ගේ දූ දරුවන් වෙනුවෙන් අධ්‍යාපන ශිෂ්‍යත්ව පිරිනැමීමේ විශේෂ වැඩසටහන උතුරු මැද පළාතෙන් ආරම්භ කර තිබේ.

අඩු ආදායම්ලාභී ලොතරැයි අලෙවි සහායකයින්ගේ දරුවන් වෙනුවෙන් 2026 වසරේ සිට ක්‍රියාත්මක වන මෙම අධ්‍යාපනික ශිෂ්‍යත්ව වැඩසටහනේ සමාරම්භක උත්සවය කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් අනුරාධපුරයේදී පැවැත්විණි.

සිරගෙදර සිට ඇප ලබා කෙළින්ම පියාගේ දේහය අසලට ආ චමින්ද විජේසිරි

සිරගෙදර සිට ඇප ලබා කෙළින්ම පියාගේ දේහය අසලට ආ චමින්ද විජේසිරි

මෙම අවස්ථාව සඳහා අමාත්‍ය සුසිල් රණසිංහ, ජනාධිපති අරමුදලේ ලේකම් සහ ජනාධිපති ජ්‍යෙෂ්ඨ අතිරේක ලේකම් රොෂාන් ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වූහ. ලොතරැයි අලෙවියෙන් ජනාධිපති අරමුදලට ලැබෙන මූල්‍ය දායකත්වය අගය කරමින්, එම අලෙවිකරුවන් වෙත කෘතගුණ සැලකීමක් ලෙස ක්‍රියාත්මක කෙරෙන මෙම ශිෂ්‍යත්ව වැඩසටහන හරහා දිවයිනේ සියලුම පළාත් ආවරණය වන පරිදි 1 ශ්‍රේණියේ සිට උසස් පෙළ දක්වා ඉගෙනුම ලබන දරුවන් වෙත ප්‍රතිලාභ හිමි වේ.

වසර 50 ක දීර්ඝ ඉතිහාසයක් ඇති ජනාධිපති අරමුදල වෙත අද ලැබෙන සෑම රුපියලකම ප්‍රතිලාභය ජනතාව වෙත සෘජුවම හිමිවන අතර, එය සැබෑ ලෙසම ජනතාවගේ අරමුදලක් බවට පත්වූයේ පසුගිය වසරේ සිට බව මෙහිදී අදහස් දැක්වූ කතානායක වෛද්‍ය ජගත් වික්‍රමරත්න මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය.

ඉදිරි පැය 36 සඳහා හදිසි කාලගුණ අනාවැකියක්- පළාත් කිහිපයකටම තද වැසි සහ තද සුළං.

ඉදිරි පැය 36 සඳහා හදිසි කාලගුණ අනාවැකියක්- පළාත් කිහිපයකටම තද වැසි සහ තද සුළං.