ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..!
Colombo
Sri Lanka
Water Cut
Water Board
By Sewvandhi
කොළඹ ඇතුළු ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක් සිදු කර තිබේ.
ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළේ, කොළඹ, දෙහිවල - ගල්කිස්ස, කෝට්ටේ, කඩුවෙල මහ නගර සභා බල ප්‍රදේශ, මහරගම, බොරලැස්ගමුව, කොළොන්නාව, කොටිකාවත්ත, මුල්ලේරියාව, රත්මලාන සහ කටුබැද්ද යන ප්‍රදේශවලට ජලසැපයුම අත්හිටුවා ඇති බවය.
මෙලෙස ජලසැපයුම අත්හිටුවීමට සිදු ව ඇත්තේ, අඹතලේ ජල පවිත්‍රාගාරයේ සිදු වූ හදිසි විදුලි බිඳවැටීමක් හේතුවෙනි.
කෙසේ වෙතත් ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය වැඩිදුරටත් සඳහන් කළේ, මේ වන විට අදාළ අලුත්වැඩියා කටයුතු සිදු කෙරෙමින් පවතින බවය.
