හෙට (27) පැය 8ක ජල කප්පාදුවක් - ජලය කැපෙන ප්රදේශ මෙන්න
By Sithumi
හෙට (27) දිනයේ ගාල්ල දිස්ත්රික්කයේ ප්රදේශ කිහිපයකට පැය 8ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවීමට සිදුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.
ඒ පෙරවරු 8 සිට පස්වරු 4 දක්වා කාලය තුළදීය.
බද්දේගම ජල පවිත්රාගාරයේ සිදුකෙරෙන අත්යවශ්ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් එලෙස ජල සැපයුම අත්හිටුවීමට සිදුවෙන බවද මණ්ඩලය දැනුම්දී තිබේ.
ජල සැපයුම අත්හිටුවන ප්රදේශ වන්නේ අම්බලන්ගොඩ, බලපිටිය, බෙන්තොට, බටපොළ, ඇල්පිටිය යන ප්රදේශවලටය. එම කාලය තුළ හික්කඩුව ප්රදේශයට අඩුපීඩන තත්ත්වයක් යටතේ ජලය සැපයෙනු ඇත.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න පුවත් whatsApp,වෙත පිවිසෙන්න.... |