ප්‍රදේශ රැසක ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..

Gampola Water cut Water bord Wasudewa naanayakkara
By Aruna Jul 25, 2021 07:07 AM GMT
Aruna

Aruna

Report

හෙට (26) පෙරවරු 8 සිට පස්වරු 5 දක්වා පැය 9ක කාලයක් ගම්පොළ ඇත්ගාල ප්‍රදේශයේ ස්ථාන රැසක ජල කප්පාදුවක් සිදුකරන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

ඒ ඇත්ගාල පොම්පාගාරයේ අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙනි.

ඒ අනුව ඇත්ගාල නැගෙනහිර, ඇත්ගාල සිංහපුර, ඇත්ගාල ආරාම පාර, ඇත්ගාල ලක්ෂ පිහිල්ල 1 වන පටුමග, 2 වන පටුමග, ඇත්ගාල බංගලාව පාර ජයමාල රීජන්සි ටෙරස්, ජයමාලි පුර 6 වන පටුමග ඉහළ කොටසට එලෙස ජල කප්පාදුව සිදුකෙරෙනු ඇත.

මේ අතර, වත්තල ප්‍රදේශ කිහිපයකට ද හෙට පෙරවරු 10.00 සිට පැය 24 ක කාලයක් සඳහා ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසයි.

හැදල පාලම හරහා ජලනල එලීම සහ ප්‍රධාන නල මාර්ගයට සම්බන්ධ කිරීම හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවන බව ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කරයි.

ඒ අනුව වත්තල - මීගමුව පාරේ කොටසක්, මාබෝල කොටසක්, වැලිකඩමුල්ල, හැඳල පාර නායකකන්ද හන්දිය දක්වා සියලුම අතුරු මාර්ග, අල්විස් ටවුම, මරදාන පාර, පුවක්වත්ත පාර, ගලගහදූව සහ කෙරවලපිටිය කොටසකට ජල සැපයුම අත්හිටුවීමට නියමිතය.

හෙට පෙරවරු 10.00 සිට අඟහරුවාදා පෙරවරු 10.00 දක්වා මෙම ජල සැපයුම අත්හිටුවීම සිදුකරනු ඇත.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now