අද කොළඹ ප්‍රදේශ රැසකට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..

Colombo Water Cut Water
By Aruna Apr 27, 2024 12:28 AM GMT
Aruna

Aruna

Report

කොළඹ 05, කොළඹ 06, දෙහිවල, ගල්කිස්ස සහ මොරටුව නගරසභා බල ප්‍රදේශ, ජයන්තිපුර සහ පැලවත්ත යන ප්‍රදේශ කිහිපයකට පැය 14ක ජල කප්පාදුවක් සිදු කරන බව ජාතික ජල සම්පාදන හා ජලපවහන මණ්ඩලය දැනුම්දෙනු ලබනවා.

ඒ අනුව, අද(27) පස්වරු 5.00 සිට හෙට(28) පෙරවරු 7.00 දක්වා කාලයක් ජල සැපයුම අත් හිටුවනු ඇති බවයි දන්වා ඇත්ත.

ඒ අඹතලේ ජල සැපයුම වැඩි දියුණු කිරීමේ බලශක්ති සංරක්ෂණ ව්‍යාපෘතිය මඟින් සිදු කරන ආත්‍යාවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් බවයි පැවසෙන්නේය.