ප්‍රදේශ රැසක අද සහ හෙට හදිසි ජල කප්පාදුවක්..එම ප්‍රදේශ සියල්ල මෙන්න..

Sri Lanka Water Cut Water Board
By Aruna Apr 28, 2023 06:19 AM GMT
Aruna

Aruna

Report

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවා ඇති බව ජාතික ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලය පවසනවා.

අඹතලේ සිට ජලය සපයන නලයක හදිසි නඩත්තු කටයුත්තක් හේතුවෙන් මෙලෙස ජල සැපයුම අත්හිටුවීමට තීරණය කර ඇති බවයි පැවසෙන්නේ.

ඒ අනුව කොළඹ 04,05,07 සහ 08 යන ප්‍රදේශවලට මෙලෙස ජල සැපයුම අත්තිටුවා තිබේ.

එසේම කඩුවෙල සහ කෝට්ටේ මහනගර සභා බල ප්‍රදේශවලටත් මහරගම සහ බොරලැස්ගමුව නගර සභා බල ප්‍රදේශවලටත් මේ වනවිට ජල සැපයුම අත්හිටුවා ඇත.

මේ අතර කොලොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට 29 වනදා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, කොලොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවල එදින පෙරවරු 11 සිට රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

කොලොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now