හෙට ප්‍රදේශ රැසකට ජලය කපයි..එම ප්‍රදේශ සියල්ල මෙතනින් දැනගන්න..

Sri Lanka Water Cut Water Board
By Aruna Apr 28, 2023 01:52 AM GMT
Aruna

Aruna

Report

කොලොන්නාව නගර සභා බලප්‍රදේශය ඇතුළු ප්‍රදේශ කිහිපයකට 29 වනදා පැය 10 ක කාලයක් ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පවසනවා.

ඒ අනුව ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය පැවසුවේ, කොලොන්නාව නගර සභා බලප්‍රදේශය, මොරගස්මුල්ල, රාජගිරිය, ඔබේසේකරපුර, බණ්ඩාරනායකපුර, ඇතුල්කෝට්ටේ, නාවල, කොස්වත්ත සහ රාජගිරිය සිට නාවල විවෘත විශ්ව විද්‍යාලය දක්වා ප්‍රධාන මාර්ගය සහ ඊට සම්බන්ධ සියළු අතුරු මාර්ගවල එදින පෙරවරු 11 සිට රාත්‍රී 09 දක්වා ජල සැපයුම අත්හිටුවන බවයි.

කොලොන්නාව පොම්පාගාරයේ ප්‍රධාන පැනලයේ අත්‍යවශ්‍ය නඩත්තු කටයුත්තක් හේතුවෙන් අදාළ ප්‍රදේශවලට එලෙස ජල සැපයුම අත්හිටුවන බව ද ජාතික ජලසම්පාදන හා ජලාපවහන මණ්ඩලය සඳහන් කළා.


සිව්දෙසින් ගලා එන සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන WhatsApp,වෙත පිවිසෙන්න... 
Join now