ජල බිල ගෙවන අලුත්ම ක්‍රමය මෙන්න..ඇමති ජනතාවගෙන් ඉල්ලීමක් කරයි..
ජල බිල්පත් නිසි කළට කඩිනමින් ගෙවා නිම කරන ලෙස ජල සම්පාදන අමාත්‍ය වාසුදේව නානායක්කාර මහතා ජනතාවගෙන් ඉල්ලීමක් කරනවා.
නිවාස අසලට පැමිණ ජංගම මුදල් එකතු කිරීමේ ක්‍රමවේදයක්ද මේ වන ජල සම්පාදන මණ්ඩලය විසින් ආරම්භ කර ඇති බවයි අමාත්‍යවරයා පැවසුවේ.
කොළඹ පැවති වැඩසටහනකට එක්වෙමින් වාසුදේව නානායක්කාර මහතා මෙම අදහස් පළ කළා.
මේ අතර ඛනිජ තෙල් සංවර්ධන පනත ලබන මාසයේදී පාර්ලිමේන්තුවට ඉදිරිපත්කර සම්මත කරගැනීමෙන් අනතුරුව ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවීමට බලාපොරොත්තු වන බව විෂයභාර අමාත්‍ය උදය ගම්මන්පිල මහතා පවසයි.
ඉන් අනතුරුව මෙරට ඛනිජ තෙල් සහ ගෑස් ගවේෂණය සඳහා ආයෝජනය කිරීමට ඛණිජ තෙල් ක්ෂේත්‍රයේ සමාගම්වලට ආරාධනා කරන බව අමාත්‍යවරයා සඳහන් කළේය.
කටුනායක ගුවන්තොටුපොළ පරිශ්‍රයේ විශේෂ අමුත්තන්ගේ මැදිරියේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් බලශක්ති අමාත්‍ය උදය ගම්මන්පිල මහතා ඒ බව පැවසීය.
“ලබන මාසයේ ඛනිජ තෙල් සංවර්ධන පනත පාර්ලිමේන්තුවේ සම්මත කරගැනීමට අපි බලාපොරොත්තු වෙනවා.
මේ පනත සම්මතකර ගැනීමෙන් පසු ඛනිජ තෙල් සංවර්ධන අධිකාරිය පිහිටුවලා.
ඒ කළ වහාම ශ්‍රී ලංකාවේ තෙල් ගවේෂණයට සහ උකහා ගැනීම සඳහා විදේශීය ආයෝජකයින්ට ආරාධනා කිරීමට අපි බලාපොරොත්තු වෙනවා.
ලංකාවේ ඛනිජ තෙල් තිබිය හැකි භූමි ප්‍රදේශය කුඩා කැබලි 873 කඩලා නැවත ගවේෂණ සිතියම් අපි සකස් කරලා තියෙනවා.
ඒ නිසා ලංකාවල එන ඛනිජ තෙල් ආයෝජකයින්ට 873 කුමණ කොටසද තෝරාගෙන තමන් විසින් ගවේෂණය කරන්නේ කියන තීන්දුව ගැනීමට නම් මේ බිම් කැබලි සම්බන්ධයෙන් භූ විද්‍යාත්මක දත්ත ඔවුන්ට අවශ්‍ය වෙනවා.
ලෝකයේ කීර්තිමත් භූ භෞතික සමීක්ෂණ සමාගමක් වන එක්සත් රාජධානියේ “බෙල්ජියෝස්පේස්“ ආයතනය ගුවන් යානයක් යොදාගෙන කරන්නේ.
මේ ආයතනය අයෝජකයන්ට ලබාදීමට අපට අවශ්‍ය කරන තොරතුරු එක්රැස් කිරීම එතනදි සිදුවෙන්නේ. එතනදි අපිට කිසිම මුදලක් මේ සමීක්ෂණය සඳහා වැය වන්නේ නැහැ.
හැබැයි ඔවුන් සොයාගන්න දත්ත, තොරතුරුවල අයිතිය තිබෙන්නේ ශ්‍රී ලංකා ආණ්ඩුවට ඒ නිසා අනාගතයේදී එන ආයෝජකයින්ට මේ සමාගම විසින් විකුණා ලැබෙන ලාභය ශ්‍රී ලංකා ආණ්ඩුව සමග හවුලේ බෙදාගන්නවා.“
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |