ජල ගාස්තුව සඳහාත් කරන්න යන දේ මෙන්න.

Sri Lanka Water Board Water
By krishani Oct 24, 2023 04:20 PM GMT
krishani

krishani

Report

ජල ගාස්තුව සඳහා සූත්‍රයක් හඳුන්වා දීම කෙරෙහි අවධානය යොමු වී තිබෙනවා.

ඒ බව ජල සම්පාදන සහ වතු යටිතල පහසුකම් සංවර්ධන අමාත්‍ය ජීවන් තොණ්ඩමන් සඳහන් කළේ ය.

ඒ අනුව ජල සම්පාදන හා ජලාපවාහන මණ්ඩලය, ආසියානු සංවර්ධන බැංකුව  සමඟ එක්ව කරන සහයෝගී ප්‍රයත්නයක් ලෙස මෙම පිරිවැය ප්‍රතිසාධන සූත්‍රය හඳුන්වා දෙන බව අමාත්‍යවරයා පැවසීය.

එහි අරමුණ සමාජයේ අවදානමට ලක්විය හැකි සමෘද්ධි සහ අස්වැසුම වැනි සමාජ සුබසාධක ප්‍රතිලාභ වැඩසටහන් යටතේ ආවරණය වන ජන කොටස් ආරක්ෂා කිරිම සහ ජලය සඳහා සාධාරණ ප්‍රවේශයක් සහතික කිරීමයි.

එමෙන්ම මෙම වසර ඇතුලත ජල ගාස්තුවේ කිසිඳු සංශෝධනයක් නොකරන බවට අමාත්‍යවරයා සහතික කළේ ය.

කෙසේ වෙතත්, අද (24) ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව කියා සිටියේ ය.


ReeCha