කෝප් කමිටුවෙන් ඉවත් වූ පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ගණන ඉහළට. - පත් වූ මොහොතේම වසන්ත ඉවතට.

By Wayomi Mar 20, 2024 04:44 AM GMT
Report

පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සේවය කිරීමට පාර්ලිමේන්තු මන්ත්‍රී වසන්ත යාපා බණ්ඩාරව තේරීම් කාරක සභාව විසින් නම් කළ බව නියෝජ්‍ය කථානායකවරයා විසින් අද (20) උදෑසන පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ලැබුවා..

එම අවස්ථාවේ දී නැගී සිටි වසන්ත යාපා බණ්ඩාර තමා එම ධුරයෙන් ඉල්ලා අස්වෙන බව නියෝජ්‍ය කථානායකවරයාට දැනුම් දුන්නා.

එහිදී තමාගේ ඉල්ලා අස්වීම ලිඛිතව ඉදිරියේ දී ලබාදීමට කටයුතු කරන බව ද ඔහු පැවසුවා.

මේ වන විට පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවේ සාමාජිකත්වය දරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් කිහිපදෙනෙක් මේ වනවිට ඉල්ලා අස්වී ඇත.

ඒ, ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ යටතේ පාර්ලිමේන්තුවට තේරී පත්වූ ගාමිණී වලේබොඩ , පාර්ලිමේන්තු මන්ත්‍රී ෂානක්කියන් රාසමාණික්කම් , සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන ඉරාන් වික්‍රමරත්න, හේෂා විතානගේ සහ එස්. එම් මරික්කාර්, පාර්ලිමේන්තු මන්ත්‍රී චරිත හේරත් සහ ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ පාර්ලිමේන්තු මන්ත්‍රී දයාසිරි ජයසේකර පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව හෙවත් කෝප් කමිටුවෙන් ඉල්ලා අස්වූ මන්ත්‍රීවරු අතර සිටිනවා.