අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චිගේ අවසන් කටයුතු අනිද්දා
By Gagana News
ප්‍රවීණ වේශනිරූපණ ශිල්පියෙකු මෙන්ම රංගන ශිල්පියෙකු වූ අභාවප්‍රාප්ත වසන්ත විට්ටච්චි මහතාගේ අවසන් කටයුතු අනිද්දා (1) සිදුකිරීමට නියමිතව ඇත.
කලක් රෝගාතුරුව සිටි ඒ මහතා මියයන විට 65වන වියේ පසු වූ අතර ඔහු ඊයේ දින (26) අභාවප්‍රාප්ත විය. එක්දරු පියෙකුවන වසන්ත විට්ටච්චි, 1978 වසරේදී 'අත් 'වේදිකා නාට්‍යයෙන් කලා ක්ෂේත්‍රයට පිවිසියේය.
විට්ටච්චි මහතාගේ දේහය අද (27) ඔහු පදිංචිව සිටි අංක 488/A, පොල්පිතිමූකලාන, කඳාන යන ලිපිනයේ ඇති ඔහුගේ නිවසට රැගෙන යාමට නියමිතව ඇති අතර අවසන් කටයුතු අනිද්දා සවස බොරැල්ල පොදු සුසාන භූමියේදී සිදුකෙරේ.