සහල් ලොරියක් කොල්ල කෑවට සම්පත් මනම්පේරිට වරෙන්තු

Report

ද්‍රවිඩ ව්‍යාපාරිකයකු බියගන්වා වසර 16කට පෙර සහල් ලොරියක් කොල්ලකෑමේ සිද්ධියක විත්තිකරුවකු වන පොදු පෙරමුණේ පළාත් පාලන හිටපු අපේක්ෂක සම්පත් මනම්පේරි නැමැත්තා වහාම අත්අඩංගුවට ගෙන අධිකරණයට ඉදිරිපත් කරන ලෙස නියම කළ කොළඹ මහාධිකරණ විනිසුරු රශන්ත ගොඩවෙල මහතා සඳහා වරෙන්තුවක්ද අද (30) නිකුත් කළේය.

මිද්දෙණිය ප්‍රදේශයේ අයිස් කන්ටේනර් දෙකක් සඟවා තබාගැනීමේ සිද්ධියේ සැකකරුවකු වන සම්පත් මනම්පේරි නැමැත්තාට එරෙහිව කොළඹ මහාධිකරණයේ පවරා ඇති නඩුවට ඔහු ඉදිරිපත් නොවීම නිසා විනිසුරුවරයා එලෙස වරෙන්තු නිකුත් කළේය.

2009 අගෝස්තු 12 වැනිදා හෝ ඊට ආසන්න දිනයක පොලිස් නිලධාරීන් ලෙස පෙනී සිටිමින් නාරහේන්පිට මංසන්ධිය ආසන්නයේදී කොල්ලකෑම පොදු අරමුණ කරගත් නීති විරෝධී රැස්වීමක සාමාජිකයන් වශයෙන් කටයුතු කරමින් සෙල්ලදොරෙයි කොලවෙන්නාදන් නැමති ව්‍යාපාරිකයා බිය ගන්වා රුපියල් ලක්ෂ 10ක් පමණ වටිනා සහල් ලොරියක් හා ඔහු සන්තකයේ තිබුණු මුදල් හා ජංගම දුරකථනය කොලල්ලකෑ බවට චෝදනා 7ක් යටතේ නීතිපතිවරයා විත්තිකරුවන්ට එරෙහිව නඩු පවරා ඇත.

අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොල

අද ඉතිහාසයේ ඉහළම අගය වාර්තා කළ කොටස් වෙළෙඳපොල

කොළඹ මහාධිකරණ විනිසුරු රශාන්ත ගොඩවෙල විසින් මෙම නියෝගය නිකුත් කළා. මෙම නඩුව අද කැඳවූ අවස්ථාවේදී විත්තිකාර සම්පත් මනම්පේරි වෙනුවෙන් නීතිඥවරයා අධිකරණය හමුවේ කරුණු දක්වමින් කියා සිටියේ සිය සේවාදායකයා වෙනත් නඩුවක් සම්බන්ධයෙන් රැඳවුම් භාරයේ පසුවන බවයි.

මාස අටක වැටුප් එක්ක අද අමෙරිකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙලා

මාස අටක වැටුප් එක්ක අද අමෙරිකාවේ රාජ්‍ය සේවකයෝ ලක්ෂයක් ඉල්ලා අස්වෙලා

ඒ අනුව අදාළ විත්තිකරු පිළිබඳව මීළඟ දිනයේ වාර්තාවක් සපයන ලෙස මහාධිකරණ විනිසුරුවරයා නියම කළා. මෙම නඩුවේ තවත් විත්තිකරුවෙකු වන නෙරංජන් පෙරේරා නැමැත්තාද නඩුව කැඳවූ අවස්ථාවේදී අධිකරණය හමුවේ පෙනී සිටියේ නැහැ.

මෙම විත්තිකරු අයිස් මත්ද්‍රව්‍ය සන්තකයේ තබා ගැනීමේ සිද්ධියකට අදාළව මාතර මහේස්ත්‍රතාත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටින බව නීතිඥවරයා දන්වා සිටියේය.

මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක්

මෝදර පොලිසිය ආසන්නයේ තිබී ජීව අත්බෝම්බ 10ක් අඩංගු බෑගයක්