ගාල්ල බන්ධනාගාරයට විසිකරන්න ගිය පාර්සලයක් මාට්ටු
ගාල්ල බන්ධනාගාරයේ තාප්පයට ඉහළින් විසි කිරීම සඳහා සූදානම් කර තිබූ අයිස් මත්ද්‍රව්‍ය, දුම්කොළ, ජංගම දුරකථන සහ දුරකථන චාජර් සමඟ සැකකරුවෙකු ගාල්ල කන්දෙවත්ත ප්‍රදේශයේදී ඊයේ (20) අත්අඩංගුවට ගත් බව පොලිස් විශේෂ කාර්ය බළකාය පවසයි.
අත්අඩංගුවට ගෙන ඇත්තේ ගාල්ල ප්‍රදේශයේ පදිංචි වයස අවුරුදු 30ක පුද්ගලයෙකි.
විශේෂ කාර්ය බළකාය අක්මීමන කඳවුරේ නිලධාරීන්ට ලද තොරතුරකට අනුව, සැකකරු රැඳී සිටි නිවසක් තුළදී ඔහු අත්අඩංගුවට ගෙන ඇත.
එහිදී අයිස් මත්ද්‍රව්‍ය ග්‍රෑම් 2 මිලිග්‍රෑම් 590ක්, දුම්කොළ ග්‍රෑම් 110ක්, දුම්කොළ නැටි ග්‍රෑම් 540ක්, ජංගම දුරකථන 4ක් සහ දුරකථන චාජර් 23ක් සොයාගෙන ඇති බවද වාර්තා වේ.
අත්අඩංගුවට ගත් සැකකරු වැඩිදුර විමර්ශන සඳහා ගාල්ල පොලිස් ස්ථානය වෙත භාර දී ඇත.