මහජන ආරක්ෂක ඇමති පොලිස්පතිට දුන් උපදෙස
By Sithumi
මාධ්‍යවේදීන්ගෙන් ප්‍රශ්න නොකරන ලෙස දැනුම්දීමක් සිදුකර තිබියදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් ඊට අදාළව ක්‍රියා නොකිරීම පිළිබඳ වහාම විමර්ශනයක් සිදුකරන ලෙස මහජන ආරක්ෂක අමාත්‍ය සරත් වීරසේකර මහතා දැනුම් දී තිබේ.
අමාත්‍යවරයා පොලිස්පතිවරයාට මේ සම්බන්ධයෙන් උපදෙස් ලබාදී ඇති බව මහජන ආරක්ෂක අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරයි.
එමෙන්ම සුදුළූණු සිද්ධිය සම්බන්ධයෙන් පෑලියගොඩ විශේෂ අපරාධ ඒකකය මඟින් සිදුකෙරෙමින් පවතින පරීක්ෂණ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත පවරා පුළුල් පරීක්ෂණයක් සිදුකරන ලෙස ද අමාත්‍යවරයා පොලිස්පතිවරයාට උපදෙස් ලබා දී තිබේ.
======================================
You may like this video
ඉස්කෝලේ ටීචර් ගේම් ගහන හැටි මෙන්න-:
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |
