සුපිරි ක්‍රීඩක කෝලිව පුටුවකට තියලා ගැට ගැහුවේ කවුද ?

By Sewvandhi Oct 19, 2021 02:39 AM GMT
Sewvandhi

Sewvandhi

Report

විරාට් කෝලි කියන සුපිරි ක්‍රීඩකයාගේ නම ඔබට අමුතුවෙන් හඳුන්වා දිය යුතු නැහැ. ලොවක් වසඟයට ගත්තූ මේ සුපිරි ක්‍රීඩකයාට හැමෝම ආදරේ කරන්නේ ඔහු ක්‍රිකට් ක්‍රීඩාවට දක්වන දක්ෂතාවය නිසාම නෙවෙයි, සැබෑ ජීවිතේ මනුෂ්‍යත්වය පිරුණු පුද්ගලයෙකුත් වන නිසා යි.

පසුගිය දවසක විරාට් කෝලිගේ අපූරූ ඡායාරූපයක් වේගයෙන් සමාජ මාධ්‍ය හරහා හුවමාරු වුණා. මේ ඡායාරූපයේ කෝලි පුටුවකට බැඳ තබා ගැටගසා ඇති අතර, මෙයින් ඔහු දනවන්නට උත්සාහ කර ඇත්තේ,

“ජෛව බුබුළක ක්‍රීඩා කිරීම” මෙවැනි හැඟීමක් ඇති කරවන බව යි. මේ වන විට ජෛව බුබුළ තුළ සිටින ක්‍රීඩකයින් මුහුණ පාන ගැටලු ගැන කතා කරන කඳවුරේ ප්‍රධානතම “කතාකරුවා” බවට පත් ව ඇත්තේ ද කෝලි යි. ඊට අමතරව, වේග පන්දු යවන මොහොමඩ් ෂාම් ද ජෛව බුබුළ ගැන අදහස් පළ කර තිබුණා.

“මේ ජෛව බුබුළ ක්‍රීඩකයින් අසීරුතාවයට පත් කරනවා. එයින් ක්‍රීඩකයින් මානසික අසහනයට පත් විය හැකි යි. සමහර විට ඔවුන් කෝපයට පත් වන්නත් පුළුවන්..”


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now


ReeCha