මහ බැංකුවෙන් විදෙස් ප්‍රේෂණ ගැන සුබදායි ආරංචියක්
ශ්‍රී ලංකා මහ බැංකුව පවසන්නේ 2025 ජුනි මාසයේදී ශ්‍රී ලංකාවට අමෙරිකානු ඩොලර් මිලියන 635.7ක විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබී ඇති බවයි.
ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන ලද නවතම සංඛ්‍යාලේඛනවලට අනුව, මෙය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 22%ක වැඩිවීමකි.
2025 ජනවාරි සිට ජුනි දක්වා කාලය තුළ සමුච්චිත අගය අමෙරිකානු ඩොලර් බිලියන 3.7ක් වන අතර එය පසුගිය වසරේ එම කාලයට සාපේක්ෂව 18.9%ක වැඩිවීමක් බව මහ බැංකුව සඳහන් කරනවා.
2024 සඳහා මුළු විදේශ සේවා නියුක්තිකයන්ගේ ප්‍රේෂණ ලැබීම් අමෙරිකානු ඩොලර් බිලියන 6.57 කි. වසර තුළ ශ්‍රී ලාංකිකයින් 312,836ක් විදේශ රැකියා සඳහා විදේශගතව ඇති බව නිල දත්තවලට අනුව සංඛ්‍යාලේඛනවල සඳහන් වනවා.