කතරගම සෆාරි රථයක් ගැටී දරුණු අනතුරක් - පුද්ගලයෙකු මරුට
කතරගම සිට සෙල්ලකතරගම දෙසට යමින් තිබූ සෆාරි ජීප් රථයක් මහසෙන් වට රවුම හංදියේදී, රිදුරුගේ දකුණු පසින් ධාවනය කරන යතුරුපැදි රථයකි ගැටී අනතුරක් සිදුවී ඇත.
ඒ අනුව මෙම අනතුරෙන් යතුරුපැදි රථයේ රියදුරු,එම ස්ථානයේදී මියගොස් ඇති බව කතරගම පොලීසිය පවසයි.
මෙලෙස අනතුරෙන් මියගොස් ඇත්තේ, කතරගම ගාමිණීපුර ප්රදේශයේ මුල් පදිංචිකරුවකු වන, වසර 28ක් ශ්රී ලංකා යුද හමුදාවේ සේවය කර විශ්රාම ලබා පොළොන්නරුව ප්රදේශයේ පදිංචි 53 හැවිරිදි කේ.ඒ. චන්දන නම් පුද්ගලයා බවත් සඳහන් වේ.