සම්බුදු තෙමගුල සමරන අසිරිමත් වෙසක් පුන් පොහෝ දිනය අදයි.(VIDEO)

vesak poya day birth of supreme Buddha enlightement prinivanpama
By Sewvandhi May 26, 2021 01:20 AM GMT
Sewvandhi

Sewvandhi

Report

තථාගත බුදුපියාණන් වහන්සේගේ ඉපදීම, බුදුවීම සහ පිරිනිවන්පෑම සිදුවූ වෙසක් පුර පසළොස්වක පොහෝ දිනය අදයි.

බුදුරජාණන් වහන්සේගේ ලොව පහළවීම, බුදුවීම සහ පිරිනිවන්පෑම යන අසිරිමත් සිදුවීම් සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය අදයි. සමස්ත ලෝකවාසී බොදු ජනතාවගේ පරම පූජනීය ආගමික දිනය ලෙස අද දිනය සැලකෙනවා.

බුදුන් වහන්සේ සුමේධ නම් තාපසයෙකු ලෙස එක් ආත්ම භවයක ඉපිද දීපංකර බුදුරජාණන් වහන්සේගෙන් ප්‍රථම නියත විවරණ ලැබුවේ වෙසක් පුන් පොහෝ දිනකදීයි.

එසේම බුදුන් වහන්සේගේ අග්‍ර උපස්ථායක ලෙස කටයුතු කළ ආනන්ද මහතෙරුණ් වහන්සේ පිරිනිවන්පෑම සිදුකළේ ද අද වන් දිනක බවයි පොතපතෙහි සඳහන් වන්නේ.

මේ අතර වෙසක් පොහෝ දිනය ලක්වාසී ජනතාවට තවත් ආකාරයකින් වැදගත් වනවා. ඒ, සිංහල ජන වංශයේ ආදි පුරුෂයා ලෙස වංශ කතාවන්හි සඳහන් වන විජය කුමරු ඇතුළු සත් සියක් පිරිස මෙරටට පැමිණ සිංහල ජාතියේ සමාරම්භය සිදුකිරීම හේතුවෙන් මෙවැනි ආගමික හා සංස්කෘතිකමය වශයෙන් වැදගත් සිදුවීම් සිදුවූ වෙසක් පුන් පොහෝ දිනය සිහිපත් කිරීම අද සිදුකෙරෙනවා.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join Now