ඉන්දියාවට එරෙහි දෙවන ටෙස්ට් තරගයේදී සොනාල් දිනූෂගෙන් විශිෂ්ට ශතකයක්

Report

ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර ගාල්ල ජාත්‍යන්තර ක්‍රිකට් ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන දෙවන ටෙස්ට් ක්‍රිකට් තරගයේදී අතිවිශිෂ්ට ශතකයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා නැඟී එන පිතිකරු සොනාල් දිනූෂ අද (26) සමත් විය.

සිය 05 වන ටෙස්ට් තරගයට ක්‍රීඩා කරන සොනාල් දිනූෂ වාර්තා කළ දෙවන ටෙස්ට් ශතකය මෙය වේ. ඉන්දීය පළමු ඉනිමට සාපේක්ෂව ශ්‍රී ලංකා කණ්ඩායම දැඩි පසුබෑමක සිටි අවස්ථාවේදී පිටියට පිවිසි ඔහු, පන්දු 148කට මුහුණ දෙමින් මෙම අගනා ශතකය පූර්ණය කර ගැනීමට සමත් විය.

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

ඔහුගේ මෙම ඉනිමට සිත්ගන්නාසුලු හතරේ පහර 8ක් සහ හයේ පහර 3ක් ඇතුළත් විය.

අර්බුදකාරී මොහොතක සොනාල් දිනූෂ ලබාගත් මෙම ශතකය ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කිරීමට මෙන්ම ඉන්දීය පන්දු යවන්නන්ට එරෙහිව සටන්කාමී ඉනිමක් ගොඩනැඟීමට ද මහඟු රුකුලක් විය.

මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩ භාරගනියි

මහජන බැංකුවේ නව සභාපති ලෙස චන්දන ගුණියංගොඩ වැඩ භාරගනියි