රෝහලක දරුණු ගින්නක් - බිලිඳුන් 15ක් මරුට
By Mithu
පාකිස්තානයේ ඉස්ලාමාබාද් අගනුවර පිහිටි ප්‍රධාන රජයේ රෝහලක හදිසියේ හටගත් ගින්නකින් අලුත උපන් බිලිඳුන් 15 දෙනෙකු ඉතා අවාසනාවන්ත ලෙස ජීවිතක්ෂයට පත්ව තිබේ.
ඉස්ලාමාබාද්හි පිහිටි ප්‍රමුඛතම රෝහලක් වන Pakistan Institute of Medical Sciences (PIMS) හි නාරි හා ප්‍රසව අංශයේ පිහිටි ළදරු වාට්ටුවේ මෙම ඛේදජනක ගිනිගැනීම සිදුව ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
වායු සමීකරණ පද්ධතියක ඇති වූ තාක්ෂණික දෝෂයක් හෝ කම්ප්‍රෙසරයක් පිපිරීමෙන් මෙම ගින්න හටගෙන ඇති බවට මූලික පරීක්ෂණවලදී තොරතුරු අනාවරණය වී ඇත.
ගින්න හටගන්නා අවස්ථාවේ අදාළ වාට්ටුව තුළ අලුත උපන් බිලිඳුන් 16 දෙනෙකු සිට ඇති අතර, ඉන් එක් බිලිඳෙකු පමණක් ආරක්ෂිතව බේරා ගැනීමට ගිනි නිවීම් සහ සහන කණ්ඩායම් සමත්ව තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් අග්‍රාමාත්‍ය ෂෙහ්බාස් ෂරීෆ් මහතාගේ උපදෙස් පරිදි පූර්ණ පරීක්ෂණයක් ආරම්භ කර ඇත.