දක්ෂිණ අධිවේගී මාර්ගයේ ගමන් කරන අයට මාර්ග සංවර්ධන අධිකාරියෙන් දැනුම්දීමක්

Report

දක්ෂිණ අධිවේගී මාර්ගය, පිටත වටරවුම් අධිවේගී මාර්ගය සහ මධ්‍යම අධිවේගී මාර්ගයේ පිටවීමේ ස්ථාන කිහිපයක මේ වනවිට දැඩි රථවාහන තදබදයක් හටගෙන ඇති බව මාර්ග සංවර්ධන අධිකාරිය නිවේදනය කරයි.

ඒ අනුව, දක්ෂිණ අධිවේගී මාර්ගයේ මත්තල පිටවීම, පිටත වටරවුම් අධිවේගී මාර්ගයේ කඩවත පිටවීම මෙන්ම මධ්‍යම අධිවේගී මාර්ගයේ මීරිගම පිවිසුම සහ යග්ගපිටිය පිටවීම ආසන්නයේ මෙලෙස වාහන පේළි සහිත රථවාහන තදබදයක් පවතී.

තවත් අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක් සිය දිවි සැරිය නිම කරයි

තවත් අතිශය ජනප්‍රිය ගායන ශිල්පිනියක් සිය දිවි සැරිය නිම කරයි

පවතින අධික වාහන සංඛ්‍යාව හේතුවෙන් මෙම තත්ත්වය හටගෙන ඇති අතර, එම ප්‍රදේශ සහ හුවමාරු මධ්‍යස්ථාන හරහා ගමන් ගන්නා රියදුරන්ට දැඩි අවධානයෙන් සහ ඉවසීමෙන් යුතුව රිය ධාවනය කරන ලෙසත්, හැකි සෑම විටම විකල්ප මාර්ග භාවිත කරන ලෙසත් මාර්ග සංවර්ධන අධිකාරිය මහජනතාවගෙන් ඉල්ලා සිටියි.

නව තානාපතිවරු 7ක් සහ මහකොමසාරිස්වරු 4ක් වෙත අක්තපත්‍ර භාරදෙති

නව තානාපතිවරු 7ක් සහ මහකොමසාරිස්වරු 4ක් වෙත අක්තපත්‍ර භාරදෙති