මේ පාරත් ඔයාලා දන්සැල් දෙනවනම් මේ දේවල් හොදින් මතක තියා ගන්න..
සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය විසින් එළඹෙන වෙසක් සහ පොසොන් උත්සවවලදී පැවැත්වෙන දන්සල් සඳහා පොදු මාර්ගෝපදේශ මාලාවක් නිකුත් කර ඇත. ද
දන්සල්වලදී ආහාර මගින් බෝවන රෝග ඇතිවීමේ අවදානමක් පවතින බව අමාත්‍යාංශය පෙන්වා දෙයි.
මෙයට ප්‍රධාන වශයෙන් හේතු වන්නේ ආහාර සකස් කිරීමේදී භාවිත වන අනුසුදුසු ක්‍රම, ආහාර ගබඩා කිරීමේ අඩුපාඩු, සහ ප්‍රමාණවත් සනීපාරක්ෂක පිළිවෙත් නොමැතිකමය.
මෑතකදී ආහාර මගින් බෝවන රෝගවලින් පීඩාවිඳින රෝගීන්ගේ සංඛ්‍යාව ඉහළ යාම හේතුවෙන්, ආහාර සනීපාරක්ෂක පිළිවෙත් තහවුරු කිරීම මහජන සෞඛ්‍ය ආරක්ෂාවට අත්‍යවශ්‍ය බව අමාත්‍යාංශය අවධාරණය කරයි.
ඒ අනුව, දන්සල් සංවිධානය කරන අය විසින් අමාත්‍යාංශය විසින් නිකුත් කර ඇති පහත මාර්ගෝපදේශ තදින් පිළිපැදිය යුතු බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යාංශය වැඩිදුරටත් දන්වා සිටී.





