වැලිගම ප්‍රා. සභාවේ හිටපු සභාපති ඝාතනයට තවත් අයෙක් අත්අඩංගුවට
වැලිගම ප්‍රාදේශීය සභාවේ හිටපු සභාපති ලසන්ත වික්‍රමසේකරගේ ඝාතනයට ආධාර අනුබල දුන් බවට චෝදනා එල්ල වී ඇති සැකකරුවෙකු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අත්අඩංගුවට ගෙන තිබේ.
සමගි ජනබලවේගයට බලය හිමි වැලිගම ප්‍රාදේශීය සභාවේ සභාපති ලසන්ත වික්‍රමසේකර ඔක්තෝම්බර් 22 වැනිදා පෙරවරුවේ වෙඩි තබා ඝාතනය කෙරුණි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය පැවසුවේ ප්‍රාදේශීය සභාව තුළට ඇතුළු වූ පුද්ගලයෙකු ඔහුට වෙඩි තබා පලා ගොස් ඇති බවයි.
වෙඩි වැදීමෙන් බරපතල තුවාල ලැබූ සභාපතිවරයා මාතර රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මිය ගොස් තිබේ. මිය යන විට ඔහු 38 වැනි වියේ පසුවිය.