බිරිඳගේ මරණය සැක සහිතයි - සැමියා පොලිසි යයි

Report

ඩෙංගු රෝගයට ප්‍රතිකාර ලබාගැනීම සඳහා කොළඹ බෝවන රෝග විද්‍යාතනය (IDH) වෙත ඇතුළත් කර සිටියදී ඉකුත් 11 වැනි දින මියගිය 37 හැවිරිදි දෙදරු මවකගේ මරණය සම්බන්ධයෙන් මේ වන විට බරපතළ සැකයක් මතුව තිබේ.

හෝමගම, හබරකඩ ප්‍රදේශයේ පදිංචි ශානිකා සමරපාල නම් මෙම කාන්තාවගේ මරණය බාල බෙහෙත් ලබාදීම හේතුවෙන් සිදුව ඇති බවට සැක පළ කරමින්, ඇයගේ සැමියා අතුරුගිරිය පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව මියගිය කාන්තාවගේ සැමියා වන බී. චානක මදුසංක මහතා පවසන පරිදි තම බිරිඳ ඩෙංගු රෝගයට සාමාන්‍ය ප්‍රතිකාර ලබාගැනීම සඳහා රෝහල්ගත කළ බවත්, ඇය එම ප්‍රතිකාර අතරතුරදී ලබාදුන් ඖෂධයකට පසු හදිසියේ හෘදයාබාධයකට ලක්ව ඇති බවත්ය.

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ලබන වසරේ සිට පාසල් සිසුවියන්ට රජයෙන් විශේෂ පරිත්‍යාගයක්

ඔහු සඳහන් කළේ එම අවස්ථාවේදී වෛද්‍යවරුන් විසින් ඇයගේ හදවත වරින් වර නතර වූ අවස්ථා හය වතාවක් පමණ යළි ක්‍රියාත්මක කර ප්‍රකෘති තත්ත්වයට ගෙන ආවත්, අවසානයේ ජීවිතය බේරාගැනීමට නොහැකි වූ බවයි. මෙවන් අසාමාන්‍ය තත්ත්වය සම්බන්ධයෙන් වෛද්‍යවරුන්ටද පැහැදිලි හේතුවක් නොතිබූ බවත්, මේ වනවිට එම සිදුවීම පිළිබඳ අභ්‍යන්තර පරීක්ෂණයක් ආරම්භ කර ඇති බවත් තමන්ට දැනගන්නට ලැබුණු බවද ඔහු පැවසීය.

සිය බිරිඳ අහිමි වීමෙන් තම දරු දෙදෙනාට මවක් නොමැති වීම අතිශය වේදනාකාරී බව සඳහන් කළ චානක මදුසංක මහතා, මෙවන් සිදුවීම් නැවත සිදුවීම වැළැක්වීම සඳහා මෙම මරණය පිළිබඳ නිසි හා ස්වාධීන පරීක්ෂණයක් සිදු කළ යුතු බවට බලධාරීන්ගෙන් ඉල්ලීමක්ද කළේය.

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි

චනිත්මාට සම්මානේ දුන්නේ නැත්තේ පෙරහුරුවට ආවේ නැති නිසා නෙවෙයි - අමාත්‍යාංශයට සිරිමාවෝ විදුහල්පතිනිය හෙළි කරයි