අලුතෙන්ම ගෙනාපු වාහන තොගයකට කරන්න යන දේ මෙන්න.

Sri Lanka Vehicle Colombo harbor
By Aruna Oct 27, 2021 02:14 AM GMT
Aruna

Aruna

Report

තහනමට පිටින් රටින් ගෙන්වූ වාහන වලට රජය කරන්න යන දේ කොවිඩ් වසංගත තත්වය හමුවේ මෙරටට වාහන ආනයනය තහනම් කර තිබියදීත් ආනයනය කරනු ලැබූ වාහන 400කට ආසන ප්‍රමාණයක් රාජසන්තක කරනවාද නැද්ද? යන්න පිළිබඳ කරණු විමසා ශ්‍රී ලංකා රේගුව මුදල් අමාත්‍යංශය වෙත ලිපියක් යොමු කර තිබේ.

පසුගිය 2020 වසරේ මාර්තු මාසයේ රජය මගින් ආනයන තහනම පැනවීමෙන් පසු මෙම වාහන ඇණවුම් කර ඇති නිසා එය දැනට ක්‍රියාත්මක නීතියට පටහැනි බව රේගු දෙපාර්තමේන්තුව එම ලිපියෙන් දැනුම් දී තිබේ.

ඒ අනුව වරාය භුමියේ අධි සුඛෝපභෝගී වාහන තුන්සීයකට අධික ප්‍රමාණයක් ඇති බව රේගු මාධ්‍ය ප්‍රකාශක සුදත්නද සිල්වා මහතා සඳහන් කරයි.

කොළඹ වරායයේ ඇති වාහනවලින් වැඩි ප්‍රමාණයක් බලපත්‍ර ක්‍රමය යටතේ ජපානයෙන් සහ බ්‍රිතාන්‍යයෙන් ආනයනය කළ ඒවා වෙයි.

මීට පෙර දී රජය සඳහන් කළේ තහනමට පටහැනිව ආනයනය කර ඇති වාහන රාජසන්තක කර රාජ්‍ය ආයතනවලට ලබාදෙන බවයි.

මෙම වාහන වරාය භුමියේ විනාශ වෙමින් පවතින නිසා ඒවායේ වටිනාකම දිනෙන් දින අඩුවෙමින් යන බවද රේගුව පවසයි.

මේ සම්බන්ධයෙන් ආනයන හා අපනයන පාලන දෙපාර්තමේන්තුවෙන් කළ විමසීමකදී එම දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියකු සඳහන් කළේ වාහන සම්බන්ධ අවසන් තීරණය මුදල් අමාත්‍යංශය විසින් ගත යුතුව ඇති බවයි.


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now