වාහන පිළිබඳව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවෙන් විශේෂ ප්‍රකාශයක්..
By krishani
මෝටර් රථ ලියාපදිංචිය මේ වනවිට විශාල වශයෙන් පහත වැටී ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් සුමිත් අලහකෝන් මහතා පැවසුවේ මෝටර් රථ ආනයනය නැවතීම හේතුවෙන් නව ලියාපදිංචිය බොහෝ කාලයක සිට අඩු වෙමින් පැවති බවයි.
කෙසේනමුත් මෙරට තුළ එකලස් කරන සහ පැරණි වාහන පමණක් තවමත් ලියාපදිංචි කිරීම් සිදුවන අතර ගෙවී ගිය මාස දෙකක කාලයක සිට කල් බදු ක්‍රමයට වාහන පැවරීමේ දී මෝටර් රථ දෙපාර්තමේන්තුවට හිමිවන ආදායම ද ශීඝ්‍ර ලෙස අඩු වන බවයි අධ්‍යක්ෂ ජනරාල්වරයා වැඩිදුරටත් සදහන් කළේ.
සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... |