වාහන හිමියන්ට මෙන්න විශේෂ දැනුම් දීමක්.

Police Postal service Vehicle number plates
By Aruna Jul 25, 2021 02:29 AM GMT
Report

තැපැල් දෙපාර්තමේන්තුවේ ආදායම ඉහළ නංවා ගැනීම සඳහා නව වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට රජය සැලසුම් කර තිබේ.

ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා සඳහන් කළේ එහි පළමු අදියර වශයෙන් වාහන අංක තහඩු තැපැල් මගින් බෙදාහැරීමේ වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට සැලසුම් කර ඇති බවය.

මහනුවර ප්‍රදේශයේ පැවති උත්සවයකදී ජනමාධ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා මෙම අදහස් පළ කළේය.

"තැපැල් සේවයේ වාර්ෂික ආදායම බිලියන 9ක්.

බිලියන 14ක වියදමක් යනවා. බිලියන 5ක මුදලක් භාණ්ඩාගාරයෙන් ගන්න වෙලා තියෙනවා.

අපේ පළවෙනි ඉලක්කය ආදායම වැඩිකර ගැනීම. ඒ නිසා RMV එකෙන් ලබලා දෙන වාහන අංක තහඩු ගෙදරට ගෙනල්ලා දෙන්න අපි බලාපොරොත්තු වෙනවා.

නැත්නම් ඒක ගන්න යන්න වෙනවා. පොඩි ගාණක් අපි ඒකට අය කරනවා."


සිව්දෙසින් ගලා එන තොරතුරු සැමට කලින්, එසැනින් දැන ගන්න ගගන whatsApp,වෙත පිවිසෙන්න.... 
Join now