වාහන ආනයන වියදම ඩොලර් මිලියන 668 දක්වා ඉහළ යයි
2025 වසරේ පළමු මාස හත තුළ පෞද්ගලික රථවාහන සහ වාණිජ කටයුතු සඳහා යොදා ගන්නා වාහන ඇතුළුව වාහන ආනයනය සඳහා වූ මුළු වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 668 දක්වා ඉහළ ගොස් ඇත.
පසුගිය ජූලි මාසයේදී වාහන ආනයනය සඳහා වැය කළ මුදල ඇමෙරිකානු ඩොලර් මිලියන 193ක් බව ශ්‍රී ලංකා මහ බැංකුවේ නවතම වාර්තාවකින් හෙළි වේ.
රටේ සමස්ත ආනයන වියදම් වර්ධනයට වාහන ආනයන වියදම් ඉහළ යාම ද හේතුවක් වී ඇති අතර, ඒ අනුව 2025 වසරේ පළමු මාස හත තුළ මුළු ආනයන වියදම ඇමෙරිකානු ඩොලර් මිලියන 11,644.4 දක්වා සියයට 11.8කින් ඉහළ ගොස් ඇත.