මෙහෙම වුණොත් මුළු ලංකාවටම අසුබයි - මෙරට විරැකියා අනුපාතය යළි ඉහළට
2026 වර්ෂයේ දෙවන කාර්තුව තුළ මෙරට විරැකියා අනුපාතය සියයට 4.0 දක්වා ඉහළ ගොස් ඇති බව ජන ලේඛන හා සංඛ්‍යා ලේඛන දෙපාර්තමේන්තුව නිකුත් කළ නවතම වාර්තාවල සඳහන් වේ.
මෙය 2025 දෙවන කාර්තුවට සාපේක්ෂව සියයට 0.2ක ඉහළ යාමක් වන අතර, 2026 පළමු කාර්තුවට සාපේක්ෂව සියයට 0.3ක වර්ධනයකි.
ඒ අනුව මේ වසරේ දෙවන කාර්තුව වන විට මෙරට නොරැකියා නියුතු පුද්ගලයින් සංඛ්‍යාව 340,240ක් ලෙස ඇස්තමේන්තු කර ඇත.
ලිංගික වර්ගීකරණයට අනුව කාන්තා විරැකියා අනුපාතය සියයට 6.1ක් ලෙස සටහන් වන අතර පිරිමි විරැකියා අනුපාතය සියයට 2.8කි. වයස් කාණ්ඩ අනුව වැඩිම විරැකියා අනුපාතයක් වාර්තා වන්නේ අවුරුදු 15ත් 24ත් අතර තරුණ පරපුර අතරයි.
මේ අතර, 2026 දෙවන කාර්තුවේදී මෙරට සමස්ත ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය සියයට 50.0 දක්වා ඉහළ ගොස් තිබේ.
එය පසුගිය වසරේ දෙවන කාර්තුවේදී සියයට 49.3ක් ලෙසත්, මේ වසරේ පළමු කාර්තුවේදී සියයට 49.2ක් ලෙසත් සටහන්ව තිබිණි.