හරක්කටා නඩත්තු කරන්න රාජ්‍ය වියදමෙන් මාසෙකට කෝටියක්?

Sri Lanka Police Crime Law and Order Sinhala news
By Shehan Apr 12, 2025 03:56 AM GMT
Shehan

Shehan

Report

ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ ත්‍රස්ත විමර්ශන කොට්ඨාසය විසින් අත්අඩංගුවට ගනු ලැබූ, මහා පරිමාණ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු මෙන්ම අපරාධ කල්ලි නායකයෙකු වන නදුන් චින්තක හෙවත් හරක්කටා රඳවා තබා ගැනීම සඳහා මසකට රජයේ මුදලින් රුපියල් කෝටියකට ආසන්න වියදමක් දැරෙන බව හෙළිවී ඇත.

ප්‍රබල දේශපාලකයින්, ආරක්ෂක අංශ නිලධාරීන්, සහ පොලිස් ප්‍රධානීන් සමඟ ජාලයක් ගොඩනගා බිහිසුණු අපරාධ රැල්ලක් ඇති කළ හරක්කටා, දිගින් දිගටම විමර්ශන සඳහා තංගල්ල පැරණි බන්ධනාගාරයේ හුදකලාව රඳවා ඇති අතර, එහි ඔහු පමණක් රඳවා ඇති බව වාර්තා වේ.

රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න සුබ ආරංචියක්

රජයේ රැකියාවක් සොයන ඔබට මෙන්න සුබ ආරංචියක්

ඔහුගේ ආරක්ෂාව සඳහා පොලිස් නිලධාරීන් 63ක්, STF නිලධාරීන් 24ක් ඇතුළු ආරක්ෂක නිලධාරීන් 87ක් පමණ යොදවා ඇත. එක් නිලධාරියෙකුගේ මාසික වැටුප රුපියල් ලක්ෂයක් ලෙස ගණනය කළහොත්, එම වියදම රුපියල් ලක්ෂ 87කි. ආහාර වියදම එක් අයෙකුට තුන් වේලකට රුපියල් 1,150ක් ලෙස ගත් විට, රාජකාරි මාරු සඳහා 50ක් යැයි සලකා මාසික ආහාර වියදම රුපියල් 16,10,000කි.

ජල හා විදුලි බිල්, ඔහුව ගාල්ල සහ කොළඹ උසාවිවලට රැගෙන ඒමට යොදවන අවම වශයෙන් වාහන 4ක පිරිවැය ඇතුළු සමස්ත වියදම රුපියල් කෝටියකට ආසන්න බව අභ්‍යන්තර ආරංචි මාර්ග හෙළි කරයි.

සිංහල අවුරුදු උදාවත් සමඟ ඔබේ ලග්නයේ සිදු වන හාස්කම් ටික මෙන්න!

සිංහල අවුරුදු උදාවත් සමඟ ඔබේ ලග්නයේ සිදු වන හාස්කම් ටික මෙන්න!

මෙම අපරාධකරුවා වඩාත් ඵලදායී ලෙස කළමනාකරණය කිරීමේ හැකියාව පිළිබඳ ආරක්ෂක අංශවල අවධානය යොමු විය යුතු බවත්, ඉදිරි විමර්ශනවල ඵලදායිතාව රටට වැදගත් වන බැවින් ඒ සඳහා දැඩි අවධානයකින් කටයුතු කළ යුතු බවත් එම ආරංචි මාර්ග පෙන්වා දෙයි.  

ReeCha