ඉරානය සමඟ සාකච්ඡා සඳහා ඇමෙරිකා විශේෂ නියෝජිතයන් දෙදෙනෙක් අද පකිස්තානයට
ඉරාන විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි සමග විශේෂ සාකච්ඡා පැවැත්වීම සඳහා ඇමරිකානු විශේෂ නියෝජිතයින් වන ස්ටීව් විට්කොෆ් සහ ජැරඩ් කුෂ්නර් අද දිනයේ පාකිස්ථානය බලා පිටත්ව යාමට නියමිත බව ධවල මන්දිරය නිවේදනය කර ඇත.
ඇමරිකානු උප ජනාධිපති ජේ.ඩී. වෑන්ස් දැනට මෙම සංචාරයට එක්වීමට සැලසුම් කර නොමැති බව සදහන් වේ.
කෙසේවෙතත් අමෙරිකානු විශේෂ නියෝජිතයන් දෙදෙනා සහ ඉරානය අතර පැවැත්වීමට නියමිත සාකච්ඡාවල ප්‍රගතිය අනුව අවශ්‍ය වුවහොත් ඇමෙරිකානු උප ජනාධිපතිවරයා ඉස්ලාමාබාද් බලා පිටත්ව යාම සඳහා සූදානමින් සිටින බව වාර්තා වේ.
මේ අතර ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි පැවසුවේ තමා සහ විදේශ අමාත්‍ය අබ්බාස් අරග්චි ඊයේ පස්වරුවේ ඉස්ලාමාබාද් වෙත පැමිණි බවයි.
කෙසේවෙතත් ඉරානය සහ අමෙරිකාව අතර කිසිදු රැස්වීමක් පැවැත්වීමට සැලසුම් කර නොමැති බවත් සිය නිරීක්ෂණ පමණක් පකිස්ථානයට දැනුම් දීමට කටයුතු කරන බවත් ඉරාන විදේශ අමාත්‍යාංශ ප්‍රකාශක එස්මයිල් බකායි පවසා ඇතැයි විදෙස් මාධ්‍ය වැඩිදුරටත් ප්‍රකාශ කර ඇත.